සිරීපාදේ අපේ ට්‍රිප් එක



මේ මම කියන්න යන්නේ අපේ එකෙක්ට උන සත්ය කතාවක්. අපි මේකෙ කතා නායකයාට කියමු රූකඩයා කියලා මේක එයාගේ ඇත්ත නම නෙවෙයි . ඒක නිසා හොයා ගන්න බෑ. මේකට තියෙනවා පොඩි ලෙඩක් හැම තිස්සේම ගෑස් බටේ ලීක් එකක් කොයි වෙලාවෙත් සද්ද දා ගෙනමයි. ඉන්නේ
අපි දවසක් ගියා සිරීපාදේ නගින්න. කොල්ලො 20ක් විතර ගමනට එකතු උනා. ඉතිං දන්නවනේ. අනිත් එක අවාරේ නිසා කට්ටියත් එච්චර නෑ. අපි කන්ද නගින්න පටන් ගත්තේ රත්නපුරේ පැත්තෙන් ඒක තමයි තියෙන දුරම පාර ටිකක් කලුවර වැටෙනකොට අපි කන්ද ලඟට ආවා. තුන් සරනේ කවි වෙනුවට අංගම්මන සුමන කිය කිය තමයි නැග්ගේ.ටික දුරක් යනකොට අපිට කෙලින් ඉන්නත් බැරි තරමට හැක් වෙලා. මොකද තේ එකක්වත් බොන්න කඩයක්වත් නෑ. අවාරේ නිසා කොහොම හරි පාන්දර 5 වෙනකොට අපි කන්ද මුදුනට ආවා. සිරීපාදේ නායක හාමුදුරුවොත් ඇවිත් අපි එක්ක කතා කලා. අපි කැම්පස් කිව්වම උන් වහන්සේ ගොඩක් සතුටු උනා. මොකද? අද කාලේ කැම්පස් ලමයි සිරීපාදේ යයි කියලා කවුරුත් විශ්වාස කරන්නේ නැති නිසා. ටිකක් කතා කරලා බලනකොට උන් වහන්සේ අපේ ගම් පලාතේ ඉතින් අපි තවත් හොඳට කතා කලා.එක පාරටම දිග නිහැඬියාවක් බිඳගෙන "ප්ප්ප්ප්ප්ප්පෘප්....පෘප්...... පෘප්......" දිග හඬක් අහෙන්න ගත්තා.අපි ඔක්කොම රූකඩයගේ දිහා බැලුවා නෙවෙයි. බැලුනා.තාප්පෙට හේත්තු වෙලා වාඩිවෙලා ගිමන් ඇරපු අපේ උන් ඉබේම ඇස් පියා ගත්තෙ කරකියා ගන්න දෙයක් නැතුවයි. නායක හාමුදුරුවෝ කට කොනින් හිනාවෙලා "ළමයෝ වැසිකිලිය නම් තියෙන්නේ අර පැත්තේ" කිව්වා 

( මෙය සත්ය සිදුවීමකි )



Monday, October 10, 2011 වේලාව 1:19 AM , 4 Comments

අළුත් පාරක යන අයිස් පලම

කොහොමද? ඉතින් ඔන්න මම හුඟ කාලෙකට පස්සේ ආයිත් බ්ලොග් එක පැත්තට ආවා. මේ දවස් වල පොඩි වැඩ වගයක් තිබුන නිසා කවියක් වත් ලියන්න වෙලාවක් තිබුනේ නෑ. මම තීරනය කලා මේක අලුත් පැත්තකට ගෙනියන්න. ඒ කියන්නේ කවිම ලියන්නේ නැතුව මගේ ආගිය තොරතුරු,ගැනත් මේකේ ටිකක් ලියන්න.අද ඉඳලා මම ඒ වැඩෙත් පටන් ගන්නවා.එහෙනම් ඔයාලට ජය !!!!!!!!!!!

Monday, October 3, 2011 වේලාව 6:30 PM , 2 Comments

අන්ධ ආදරය


උනා ඇගේ කසී සළු
ලං උනා සීරුවෙන්
දැනුනි මහ සීතලක්
නැගෙයි රාගිනි මතින්

නෙතින් වැයෙනා වෙනෙන්
නැගෙයි තනු දහසකුත්
සිතින් යයි බොහො දුරක්
බයයි දැන් මට ගොඩක්

ආදරය හීනයකි
නොලැබෙනා බව සැබැවි
එහෙත් ඒ ආලයට
ආදරෙයි මම ගොඩක්


Saturday, August 27, 2011 වේලාව 11:27 PM , 1 Comment

තනිකම

සොඳුරු සිතුවම්
විහඟ පද වැල්
දකින
සොඳුරු වසන්තයේ....
ඔබ නැත
මේ වසන්ත සමයේ
ගත සිත තනි වී ඇත
මටද හොරා....

Wednesday, August 3, 2011 වේලාව 3:05 PM , 0 Comments

මල් කැකුළී



සිත කියයි මඟහරිනු.
නමුත්
එක සිතක් නොමැතිව
ආත්මාර්ථකාමීව
කෙසේ අත්හරිම්ද?
මල් කැකුලිය
ඔබව
තවත් එකියක
හදවතට ආ පලියට

Tuesday, July 5, 2011 වේලාව 2:29 PM , 1 Comment

සුරකබාවත


සුරාවේ අගයත්
එහි ඇති අමා ගුණයත්
බොන සුදනෝ දතත්
නොබොන අනුවණ දනෝ නොදනිත්

ගල් බාගෙ ඇත්තේ
සෝඩ යහමින් ඇත්තේ
ශොට් තුනකි ගත්තේ
කබා සුවඳයි පහළ වත්තේ

සුවඳ මල් නෙලලා
රවුමට හොඳට ඔතලා
වඩියක් උඩට ඇදලා
සදෙව් ලොව දෙස බලමු හැරිලා

දෙව් ලොව ගොසින් ආපසු මා එන ගමනේ
හිරි පොද වැටෙනවා දැනිලයි අවදි උනේ
කබා ගොඩක් මැද වැටිලයි මා උන්නේ
මූත්රා කරයි බල්ලෙක් ඇඟට අනේ

මල් ලස්සනයි පට්ටම සුවඳයි කීවා
ඔතනවා ගහනවා කියනා ඒවා
මොනවද මචං මම අහ ගන්නට ආවා
තෝරා දෙන්න මම දන්නේ නෑ මේවා

මල් වල සුවද හැමුනේ පන්සලේ නොවේ
මල්වල රසට ඇදුනේ බමඹරුනුත් නොවේ
මල් ගැන උගෙන උඹලට තේරුමක් නොවේ
මල් අපි කාටවත් දෙන්නේ සැපක් නොවේ

ඇඹිලිපිටියෙ කෙතරම් මල් වතු තිබුණත්
පේරාදෙණි මල් වත්තට යති කවුරුත්
බැස යයි සැපය ටිකකින් ඔතලා ගැහුවත්
මල් වැනි සිතක සෙනෙහස සැමදා පවතිත්

Sunday, July 3, 2011 වේලාව 8:22 PM , 5 Comments

ජෙනරාල්ගේ ආදරය


ආදරය හරියට අපේ ජෙනරාල් වගේ,
බදින්න කලින් රජෙක් වගේ.....
බැන්දට පස්සෙ හිරේ......

Friday, July 1, 2011 වේලාව 2:10 PM , 1 Comment

අමාවක



පුරහඳ දිහා බලා නුඹේ මුහුන
දෙස බැලුවෙමි
සිහිවිය,අමාවකත් අත ලඟ
බව...

Thursday, June 30, 2011 වේලාව 3:20 PM , 2 Comments

දස්කොන් පුවත

ඔබ දේවියකි මම දස්කොන් වන අතර
අසම්මත පෙමකි අප දෙදෙනා අතර
සැලවී රජුට අප හමුවන බව නිතර
දැන් මට යන්න වෙයි මරු හා ඔබ අතැර

සිංහලයන් සමග පිට‍රැටියන්ගෙ සිත
තුල තිබු ප්‍රශ්න ටික ටික මතු වෙලා ඇත
එනිසා ඔබ සමග මා පෙම් කල පුවත
රජුහට කියා මාගෙන් පලි ගන්න ඇත

සොඳුරියෙ එපා මා මැරුවට දුක් වෙන්න
රාවන පුවත ඔබ සිහියට අරගන්න
සීතාවන් නෙතින් දු‍ටු ඔහු හිස දුන්න
ඔබෙ සැප වින්ද මට හැක මගෙ හිස දෙන්න

අසම්මත පෙමක වෙලිලා අපි දෙන්නා
ගත කල අතීතය ටික ටික සිහි වෙන්නා
ඔබ සතු සියලු දේ සතුටින් ඔබ දුන්නා
ඒ සැම අරන් මම සතුටින් පිට වෙන්නා

මේ සංසාරෙ ඔබ මගෙ කර ගන්න පින
නැත සොඳුරියේ මට මරු හා යන්න වුන
මතු සංසාරෙ ඔබ මගෙ කර ගන්න එන
බව දැන මියෙන තෙක් සතුටින් සිටිනු මැන

Tuesday, June 28, 2011 වේලාව 11:11 PM , 0 Comments

රස නැති නිසදැස


ප්‍රථම පෙම මියැදී
දෙවන පෙම මියැදී
මා තවම සිහියෙන්
සිටී නොමියැදී
කඳුලු කැට ගබඩාව
සිඳී වියලී ගොස්
සුසුම් ලන යන්තරය නම්
තවම යහතින්
වේදනා ලෝදියෙන්
හද කුහර නෑවේ
තවම මා සිහියෙන්
සිටිනු කිම මෙලෙසින්...

වේලාව 2:50 PM , 3 Comments